Posts

රබීන්ද්‍රනාත් තාගෝර් සහ ශ්‍රීපාලිය

Image
තාගෝර්තුමා අතින් ශ්‍රීපාලියට මුල්ගල තැබූ දා 1861 මැයි මස 7 වන දින එවකට කල්කටාව හෙවත් වත්මන් ඉන්දියාවේ කොල්කොටාවේ ඉඩම් හිමි ධනවත් පවුලක උපත ලැබූ රබීන්ද්‍රනාත් තාගෝර්, (රබීන්ද්‍රනාථ ඨාකූර) නව්‍ය ආකාරයේ ගද්‍ය සහ පද්‍ය ආකෘතියක් ද පැරණි සංස්කෘත භාෂාව මත පදනම් වූ සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරවූ කථන බස භාවිතාව ද බෙන්ගාලි සාහිත්‍යයට හඳුන්වාදුන් කවියෙකු, කෙටිකතා රචකයෙකු, ගීත නිර්මාපකයෙකු, නාට්‍ය රචකයෙකු, ලේඛකයෙකු හා චිත්‍ර ශිල්පියෙකු ද විය. ඉන්දියානු සංස්කෘතිය බටහිර ලෝකයට හඳුන්වා දුන් ප්‍රබලයෙකු වූ ඔහු 20 වැනි සියවසේ මුල් භාගයේ ඉන්දියාවේ සිටි විශිෂ්ටතම නිර්මාණශීලී කලාකරුවා ලෙසින් සැලකුම් ලබයි. තාගෝරයන් විසින් 1913 වසරේදී සාහිත්‍ය වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගය හිමිකර ගත්තේ එය දිනූ යුරෝපීයයෙකු නොවූ පළමුවැන්නා වෙමිනි. ආගමික ප්‍රතිසංස්කරණවාදියෙකු වූ දෙබේන්ද්‍රනාත් තාගෝරයන්ගේ සහ සාරදා රාවට්ගේ පුත්‍රයෙකු වූ රබීන්ද්‍රනාත්, බාල වියේ පටන්ම පද්‍ය රචනයට යොමු වූ අතර නව වැනි වියේදී විධිමත් අධ්‍යාපනයට පිවිස 1870 ගණන්වල අග භාගයේදී එංගලන්තයේ සිය අධ්‍යාපනය නිසි ලෙස නිමා නොකොට ආපසු ඉන්දියාවට පැමිණියේය. පවුලේ ද...